පටන් ගන්න

සටහන: පරිවර්තනයෙන් පසු ඉංග්‍රීසි අනුවාදය යාවත්කාල වී ඇත () ඉංග්‍රීසියෙන් දකින්න

ඔබගේ වියමන අඩවියට HTTPS සබල කිරීම සඳහා, සහතික අධිකාරියකින් සහතිකයක් (ගොනු වර්ගයකි) ලබා ගත යුතුය. ලෙට්'ස් එන්ක්‍රිප්ට් යනු ස.අධි. (CA) කි. ලෙට්'ස් එන්ක්‍රිප්ට් වෙතින් ඔබගේ වියමන අඩවියේ වසම සඳහා සහතිකයක් ගැනීමට, ඔබ වසම පාලනය කරන බව පෙන්නුම් කිරීමට සිදුවේ. ලෙට්'ස් එන්ක්‍රිප්ට් සමඟින්, ඔබ මෙය සිදු කරන්නේ ඔබගේ වියමන සත්කාරකයක නියමානුකූලව ධාවනය කරන ACME කෙටුම්පත භාවිතා වන මෘදුකාංගයක් භාවිතා කරමින් ය.

ඔබට වඩාත් හොඳම ක්‍රමය වටහා ගැනීමට, ඔබගේ වියමන සත්කාරකයෙහි පොත්තට ප්‍රවේශය (SSH ප්‍රවේශය ලෙසද හැඳින්වේ) තිබේදැයි දැන ගැනීමට අවශ්‍ය වනු ඇත. ඔබ වියමන අඩවිය මුළුමනින්ම කළමනාකරණය කරන්නේ සීපැනල්, ප්ලෙස්ක් වැනි පාලන මඬලකින්, හෝ වර්ඩ්ප්‍රෙස් හරහා නම්, බොහෝ විට ඔබට පොත්තට ප්‍රවේශය නොතිබේ. තහවුරු කර ගැනීමට ඔබගේ සත්කාරක සැපයුම්කරුගෙන් ඇසීමට හැකිය.

පොත්තට (ෂෙල්) ප්‍රවේශය ඇතිව

පොත්තට ප්‍රවේශය තිබෙන පුද්ගලයින්ට සර්ට්බොට් ACME අනුග්‍රාහකය භාවිතා කිරීමට නිර්දේශ කරන්නෙමු. එහි නැවතීමකින් තොරව සහතික නිකුත් කිරීමට සහ ස්ථාපන ස්වයංක්‍රීයකරණයට අදාළ පහසුකම් තිබේ. ස්වයං වින්‍යාස වීම නුවමනා පුද්ගලයින් සඳහා එහි ප්‍රවීණ ප්‍රකාර ද ඇත. එය භාවිතයට පහසුය, බොහෝ මෙහෙයුම් පද්ධතිවල වැඩ කරයි, සහ උසස් ප්‍රලේඛනයක් ඇත. ඔබගේ මෙහෙයුම් පද්ධතිය සහ වියමන සේවාදායකය සඳහා අභිරුචිකරණය කළ උපදෙස් ගැනීමට සර්ට්බොට් අඩවියට ගොඩවදින්න.

සර්ට්බොට් ඔබගේ අවශ්‍යතා වලට යෝග්‍ය නොවේ නම්, හෝ ඔබ වෙනත් දෙයක් උත්සාහ කිරීමට කැමති නම්, තවත් බොහෝ ACME අනුග්‍රාහක තෝරා ගැනීමට තිබේ. ඔබ ACME අනුග්‍රාහක මෘදුකාංගයක් තෝරා ගත් පසු, සකස් කිරීමට එම අනුග්‍රාහකයේ ප්‍රලේඛනය බලන්න.

ඔබ විවිධ ACME අනුග්‍රාහක අත්හදා බලනවා නම්, අනුපාත සීමා වැදීම වළක්වා ගැනීමට අපගේ අදියර පරිසරය භාවිතා කරන්න.

පොත්තට ප්‍රවේශය නැතිව

ඔබගේ සත්කාරක සැපයුම්කරුගේ තිළෑලි සහාය භාවිතා කිරීම පොත්තට ප්‍රවේශයකින් තොරව ලෙට්'ස් එන්ක්‍රිප්ට් භාවිතයට ඇති හොඳම ක්‍රමයයි. ඔබගේ සත්කාරක සැපයුම්කරු ලෙට්'ස් එන්ක්‍රිප්ට් සහාය සලසන්නේ නම්, ඔවුන්ට ඔබ වෙනුවෙන් නොමිලේ සහතිකයක් ඉල්ලීම, එය ස්ථාපනය, සහ ස්වයංක්‍රීයව යාවත්කාලීනව තබා ගැනීම කළ හැකිය. ඇතැම් සත්කාරක සැපයුම්කරුවන් සඳහා, මෙය ඔබ සරලව සක්‍රිය කළ යුතු වින්‍යාස සැකසුමකි. අනෙකුත් සැපයුම්කරුවන් ඔවුන්ගේ සියළුම පාරිභෝගිකයින් සඳහා ස්වයංක්‍රීයව සහතික ඉල්ලා ස්ථාපනය කරයි.

ඔබගේ එක මෙහිදැයි බැලීමට මෙම සත්කාරක සැපයුම්කරුවන්ගේ වට්ටෝරුව පරීක්‍ෂා කරන්න. එසේ නම්, ඔබගේ ලෙට්'ස් එන්ක්‍රිප්ට් සහතිකය පිහිටුවීමට ඔවුන්ගේ ප්‍රලේඛන අනුගමනය කරන්න.

ඔබගේ සත්කාරක සැපයුම්කරු ලෙට්'ස් එන්ක්‍රිප්ට් සඳහා සහාය නොදක්වන්නේ නම්, ඔවුන් අමතා ඒ සඳහා සහාය ඉල්ලීමට හැකිය. ලෙට්'ස් එන්ක්‍රිප්ට් සහාය එකතු කිරීම ඉතා පහසු කිරීමට අපි උපරිමයෙන් කටයුතු කරන්නෙමු, සහ සැපයුම්කරුවන් බොහෝ විට පාරිභෝගිකයින්ගේ යෝජනා ඇසීමට කැමැත්තෙන් පසුවෙති!

ඔබගේ සත්කාරක සැපයුම්කරුට ලෙට්'ස් එන්ක්‍රිප්ට් අනුකලනය නුවමනා නමුත් අභිරුචි සහතික උඩුගත කිරීමට සහය දක්වන්නේ නම්, සර්ට්බොට් ඔබගේ පරිගණකයේ ස්ථාපනය කර එහි හස්තීය ප්‍රකාරය භාවිතා කළ හැකිය. හස්තීය ප්‍රකාරයේ දී, ඔබගේ පාලනය ඔප්පු කිරීමට ඔබ විශේෂිත ගොනුවක් ඔබගේ වියමන අඩවියට උඩුගත කරයි. සර්ට්බොට් එවිට ඔබගේ සත්කාරක සැපයුම්කරු වෙත උඩුගත කළ හැකි සහතිකයක් ලබා ගනී. අපි මෙම විකල්පය නිර්දේශ නොකරන්නෙමු මන්ද එය කාලය ගතවන අතර ඔබගේ සහතිකය කල් ඉකුත් වන විට ඔබට වසරකට කිහිප වතාවක් එය නැවත කිරීමට සිදු වනු ඇත. බොහෝ දෙනා ඔබගේ සත්කාරක සැපයුම්කරුගෙන් ලෙට්'ස් එන්ක්‍රිප්ට් සහාය ඉල්ලීම වඩා හොඳය හෝ ඔවුන් එය ක්‍රියාත්මක කිරීමට අදහස් නොකරන්නේ නම් සැපයුම්කරු මාරු කරන්න.

උදව් ගැනීම

ACME අනුග්‍රාහකයක් තෝරා ගැනීමට හෝ සුවිශේෂී අනුග්‍රාහකයක් භාවිතා කිරීමට අදාළ හෝ ලෙට්'ස් එන්ක්‍රිප්ට් ආශ්‍රිත ඕනෑම දෙයක් පිළිබඳව ප්‍රශ්න ඇත්නම්, කරුණාකර අපගේ ප්‍රයෝජනවත් ප්‍රජා සංසදය උත්සාහ කරන්න.