එක් වන්න

අවසන් යාවත්කාලය:

ප්‍රජාව

සෑම විටම ලෙට්'ස් එන්ක්‍රිප්ට් ප්‍රජා සහාය හි ප්‍රශ්නවලට උත්තර දීමට උපකාර වීමට හැකිය. සිංහල භාෂාවෙන් අනන්‍ය සංසදයක් පවත්වා ගෙන යාම ද බොහෝ ඵලදායී වනු ඇත. ප්‍රජා සහායට දායක වීම මෙතරම් වැදගත් වන්නේ මන්දැයි පිළිබඳව මෙම ලිපිය බලන්න.

කේතය

ඔබට මෘදුකාංග සංවර්ධනය සඳහා දායක වීමට හැකිය. අපගේ සියළු කේත ගිට්හබ් හි ඇත.

අනුග්‍රාහක මෘදුකාංගය

සර්ට්බොට් යනු ස්වයංක්‍රීයව සහතිකයක් ලබා ගෙන වියමන අඩවියක් HTTPS වෙත පරිවර්තනය කිරීමට ඔබගේ සේවාදායකයෙහි පසක වැඩ කරන පයිතන් පාදක මෙවලමකි. සර්ට්බොට් යනු බොහෝ අයට පළමුව භාවිතා කිරීමට අපි නිර්දේශ කරන අනුග්‍රාකයකි. තවත් බොහෝ තෙවන පාර්ශ්ව අනුග්‍රාහක විකල්ප තිබේ.

සේවාදායක පාදක ස.අධි. (CA) මෘදුකාංගය

බෝල්ඩර් යනු ලෙට්'ස් එන්ක්‍රිප්ට් ස.අධි. (CA) ක්‍රියාවට නැංවීමකි. එය ACME කෙටුම්පත මත පදනම් වන අතර මූලිකව ගෝ භාවිතයෙන් ලියා ඇත. මූලාරම්භයට සුදුසු තැන් ලෙස ‘උදව් අවශ්‍ය’ ගැටළු සහ දායකත්ව මාර්ගෝපදේශය දැක්වීමට හැකිය.

letsencrypt.org

මෙම වියමන අඩවිය සහ ප්‍රලේඛනය මෙතනින් වැඩිදියුණු කිරීමට හෝ පරිවර්තනයට උදව් කිරීමට හැකිය.