lencr.org

අවසන් යාවත්කාලය: | සියළුම ප්‍රලේඛන දකින්න

සටහන: පරිවර්තනයෙන් පසු ඉංග්‍රීසි අනුවාදය යාවත්කාල වී ඇත () ඉංග්‍රීසියෙන් දකින්න

lencr.org යනු කුමක්ද?

lencr.org යනු ලෙට්'ස් එන්ක්‍රිප්ට් සතු වසමකි. අපි එය OCSP, CRLs, සහ නිකුත් කරන්නාගේ සහතික සඳහා සත්කාරකත්වයට භාවිතා කරන්නෙමු: සියළුම ඒ.ස.නි. සහතිකවල දැක්වේ.

අපි http://ocsp.int-x3.letsencrypt.org/ වැනි දිගු ඒ.ස.නි. භාවිතා කළෙමු. කෙසේවුවද, අපගේ නව මූල සහ අතරමැදි සහතික නිකුත් කරන විට, අපට ඒවා හැකි තරම් කුඩා කරන්න අවශ්‍ය විය. වියමනෙහි තිබෙන සෑම HTTPS සම්බන්ධතාවයක්ම (දවසකට සිය කෝටි ගණනක්) සහතිකයක පිටපතක් යැවිය යුතුය, එබැවින් සෑම බයිටයක්ම වැදගත්ය. ව්‍යාපෘතියේ නමට සමාන වන lencr.org අපගේ තේරීමයි: ලෙට්'ස් එන්ක්ර්+ඉප්ට්. අපි එය ටෙරී ප්‍රට්චෙට් ගේ ඩිස්ක්වල්ඩ් නවකතා මාලාවේ ෆික්ෂනල් රීජියන් ඔෆ් ලැන්ක්‍රේ ලෙස උච්චාරණය කරන්නෙමු.